පළාත් අතර සංචරණය නවතා දැමේ…! පළාත් අතර පොදු ප්‍රවාහන සේවා අත්හිටුවයි…! එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථානවලට පිවිසීම තහනම්…!

August 13, 2021 at 4:56 pm | by emanisa.lk

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී ගත් තීරණ දැනුම්දෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවනු ඇති අතර සංචාරක, වරාය‍, ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර හිමිවේ.

යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේ දී පරීක්ෂාවට ලක්කරන බවය.

එමෙන්ම අවන්හල්, සාප්පු සංකීර්ණ, සහ වෙළෙඳසැල් පවත්වාගෙන යෑමේ දී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළයුතු බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

අවු. 60 වැඩි කණ්ඩායම් සහ බෝ නොවන රෝග සහිත කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානය යොමුකර එනන්ත්කරණයට සහ රැපීඩ් පරික්ෂාව සිදු කිරීමට ද එහි දී තීන්දු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස