පළමු රට සහල් තොගය ලංකාවට ළඟාවෙයි…! රු. 100ට අඩුවෙන් ජනතාවට දෙන්න සූදානම්…!

October 11, 2021 at 10:20 am | by emanisa.lk

රජය ආනයනය කරන පළමු සහල් තොගය අද (11) මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබුණි.

ඒ අනුව සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ජනතාවට සැපයීම සිදුකරන බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය.

සතොස ආයතනය හරහා ගෙන්වා ඇති එම සහල් තොගය සමුපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා අලෙවි කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *