පළමු දින ම සිසුන් 52000ක් ගුරුවරුන් 8000ක් පාසලට..!

October 23, 2021 at 11:07 am | by emanisa.lk

කොවිඩ් වසංගතය නිසා වසා දැමූ පාසල් නැවත විවෘත කළ පසුගිය 21 වෙනිදා රට පුරා පාසල්වල සිසුන් 52 000ක් පාසලට පැමිණි බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.

එසේ ම වර්ජිත ගුරු සංගම්වල විවිධ බලපෑම් මැද වුව ගුරුවරුන් 8000ක් ද පාසැල් වෙත පැමිණි බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

පාසල් නැවත ආරම්භ කිරීම සඳහා වැඩි ම විදුහල්පතිවරුන් පිරිසක් සේවයට වාර්තා කර ඇත්තේ නැගෙනහිර පළාතේය.

සංඛ්‍යා ලේඛන අනුන අඩු ම විදුහල්පතිවරුන් පිරිසක් පාසැලට වාර්තා කර ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාත්වලිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *