පහුගිය කාලේ පොස්පේට් සමාගම තිබුණෙත් කෘෂිකර්ම අමාත්‍යංශේ යටතේ තමයි…! – මහින්දානන්ද අලුත්ගමගේ…

June 19, 2021 at 4:55 pm | by emanisa.lk

පසුගිය කාලයේ ලංකා පොස්පේට් සමාගම පැවැතියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ බව කෘෂිකර්ම ඇමැති මහන්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඒ අද (19) නාවලපිටියේ දී මෙතෙක් කර්මාන්ත අමාත්‍යංශය යටතේ පැවැති ලංකා පොස්පේට් සමාගම සිය අමාත්‍යංශය යටතට පත්වීම පිළිබඳ අදහස් දක්වමිනි.

රජය කෘෂිකර්මය වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් ඒ සඳහා පොස්පේට් සමාගම ඉතා ම වටිනා බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමැති විමල් වීරවශ එහි දියුණුවට විශාල සේවයක් කළ බවත් ඒ සියල්ල ගොනුකර ගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පොස්පේට් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බවත් අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *