වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් තනතුරට පහළින් සිටින සියලුම සාමාජිකයින්ට සිය විදෙස් ගමන් බලපත්‍ර තම රෙජිමේන්තු මූලස්ථාන වෙත භාර දෙන ලෙස නියෝග කර තිබේ.
ඒ අනුව, අදාළ රෙජිමේන්තු මූලස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදෙස් ගමන් බලපත්‍ර සුරක්ෂිතව තබාගත යුතු අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත ඕනෑම වේලාවක ඒවා ආපසු ලබාගැනීමට එම හමුදා සාමාජිකයින්ට හැකි බව දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ පරිපාලන කටයුත්තකට අදාළව මෙම පියවර ගෙන ඇති බවයි.