පහර දුන්නේ රාජකාරියට බාධා කරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු නිසායි..! – හමුදා මාධ්‍ය ප්‍රකාශක…

July 5, 2022 at 11:21 am | by emanisa.lk

යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලෙහි රාජකාරියේ නිරත පොලිසියේ සහ හමුදාවේ රාජකාරියට බාධා කරමින් පිරිසක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසයි.

එහි රාජකාරියේ නිරතව සිටි හමුදා නිලධාරියෙකු විසින් පහර දුන්නේ එලෙස කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකුට බවයි, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මේ වන විට අදාළ හමුදා නිලධාරියා පිළිබඳ පර්යේෂණයක් පැවැත්වෙන අතර කලහකාරී සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

හමුදා නිලධාරියා පහරදෙන අවස්ථාව මෙන් ම ඊට පෙර සිට සිදු වූ සිදුවීම් ද පටිගතව තිබුණා නම් පරීක්‍ෂණවලට වඩා පහසුවක් බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *