රට කසළ ගොඩක් වෙයි! ඩෙංගු රෝගීන් 42000ක් මරණ 60ක්! ජාතික රෝහලේ හෙදියන්ටත් ඩෙංගු!

September 3, 2019 at 8:19 am | by emanisa.lk

මෙම වසර තුළදී මෙතෙක් දිවයිනෙන් ඩෙංගු රෝගීන් 42,518 දෙනකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ සංඛ්‍යාව 60 ඉක්මවා ඇත.

ඉකුත් අගෝස්තු මාසයේදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 7308 දෙනකු වාර්තා වී තිබූ අතර ඔවුන්ගෙන් 1579 දෙනකු කොළඹ දිස්ත‍්‍රික්කයෙන්ද, 1329 දෙනකු ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ද වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගීන් අතර හෙදියක් ඇතුළු ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනකු ද වන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

පසුගිය සමයේ නිසි ලෙස කසළ බැහැර නොකිරීම නිසා කොළඹ ඇතුළු ඇතැම් ප්‍රදේශ දැඩි ලෙස අපවිත්‍ර වී තිබිණි. මේ අතර පිට රටින්ද කසළ ගෙන්වා ඇති බව හෙළි විය.

පවතින කඩින් කඩ වැසි හේතුවෙන් ඩෙංගු උණ ශීඝ‍්‍රයෙන් පැතිර යන නිසා තම නිවාස පවිත‍්‍රව තබා ගන්නා ලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස