පස්සර ජාතික පාසලේ කොරෝනා පොකුරක්….! PCR කළේ නිදහස් උළෙල වෙනුවෙන්…!

January 22, 2021 at 7:03 pm | by emanisa.lk

බදුල්ල, පස්සර ජාතික පාසැලේ කොවිඩ් -19 වෛරසය ආසාදනය සිසු සිසුවියන් සංඛ්‍යාව මේ වන විට 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා සඳහන් කරයි.

පෙබරවාරි මස 04 වෙනිදා පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උත්සවය සඳහා පාසැල් සිසුන් පිරිසක් සහභාගී කරවන ලෙස සිදුකළ දැනුම් දීමක් අනුව සිසුවියන් 03 දෙනෙකු පසුගිය 18 වෙනිදා PCR පරීක්ෂණ සිදුකර තිබේ.

එම PCR පරීක්ෂණ අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. එම ආසාදිත සිසුන්ගේ ආශ්‍රිතයින් ඉලක්ක කර ගනිමින් සිදුකළ PCR පරීක්ෂණවලින් තවත් සිසුන් 07 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත.

ඒ අනුව පස්සර ජාතික පාසැලේ 12 සහ 13 වන ශ්‍රේණියේ පන්ති වසා දැමීමට උපදෙස් ලබාදී ඇති අතර එම සිසු සිසුවියන්ට ස්වයං නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *