පසබෑම් තාවකාලිකයි….! මඩ අවලාද නින්දා අෂ්ඨලෝක ධර්මයයි…! දැය දිනවන්න සූදානම් වන්න…! – මෛත්‍රී…

September 2, 2021 at 9:45 pm | by emanisa.lk

සමකාලීන සියලු බලවේග සමඟ දැය දිනවන වැඩපිළිවෙළකට අවතීර්ණවීමට සූදානමින් සිටින්නැයි සියලු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම පක්ෂයේ 70 වැනි සංවත්සර වැඩසටහන සූම් තාක්ෂණය ඔස්සේ අමතමින් අද (2) ඔහු මේ බව සඳහන් කළේ ය.

තාවකාලික පසුබෑම් යනු ඕනෑම දේශපාලන පක්ෂයකට පොදු කරුණක් බව ද මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය. අභියෝග, අවලාද, මඩගැසීම්, නින්දා, අපහාස යනු අෂ්ඨලෝක ධර්මය බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් අත්මිදී වසර 10කට පසු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු ප්‍රහාරයක් සිදු වූ බව කී හිටපු ජනාධිපතිවරයා එම ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඉන්පසු උද්ගත වූ දේශපාලන දාමයන් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින් දැනුම්වත් බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *