පවුලක බලය රැක දීමට හෝ බලයට කෑදරවුන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබා ගැනීමට වඩා ගෙදර යෑම සැප යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ජනාධිපතිවරයා කළ යුත්තේ සැබෑ ලෙස ම රට ගොඩනැගිය හැකි ජනතාව පතන වෙනසකට අවස්ථාව සලසාදීම බව ද හෙතෙම අවධාරණය කරයි.
තමාට මුදල් ඇමැති වෙන්නැයි ඉල්ලීම් පැමිණිය ද එයට අවනත නොවූ බව පැවසූ මන්ත්‍රීවරයා ජනරැල්ල කිසිසේත්ම පාවාදිය නොහැකි බව ද සඳහන් කළේය.
ජනතාව ඉල්ලන්නේ මෙවැනි දේශපාලන ගේමක් නොවේ යැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.