පවුලකට රු. 5000ක් හොඳටම මදියි! 15 000ක්වත් දෙන්න ඕන! – හර්ෂ ද සිල්වා

April 28, 2020 at 9:12 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ජීවත්වන ඉහළම දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සඳහා පවා මසක වියදම රුපියල් 16,700ක් බැවින් රුපියල් 5000 දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ආණ්ඩුව මේ ජනතාව මහ පොළවේ ජීවත් වන ආකාරය පිළිබඳ මීට වඩා සංවේදී විය යුතු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

“ලංකාවෙ ජීවත්වන සමස්ථ පවුල්වලින් අඩුම ආදායම ලබන ගෘහස්ථවල මධ්‍යස්ථය රු. 9,916. 2016 මේක සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙ අවසන් ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයෙන් ලබාගත්ත ඉලක්කම. ඔවුන් වියදම් කරන ප්‍රමාණය තමයි රු. 16,678.

රු. 5000 නෙවෙයි, අවම වශයෙන් දැන් රු. 10,000ක්වත් එහෙම නැත්නම් රු. 15,000ක්වත් ඒ පුද්ගලයන්ට ලබාදෙන්න සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී රජයට නැවතත් කියන්න තියෙන්නෙ අපට මහ පොළවෙ ජනතාවගේ ජීවත් වීමේ ගැටළුව පිළිබඳව මේ හොයනවාට වඩා තව ඕනෑකමින්, දැඩිව, සෘජුව මේ පිළිබඳ සොයලා බලලා අවශ්‍ය කටයුතු කරන්න කියලා”

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වුවද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා ප්‍රකාශ කළේ ලංකාවේ පවුලකට නොමැරී ජීවත් වීම සඳහා සතියකට රු. 20 000ක් උවමනා බවය. ඒ අනුව රජය එක් පවුලකට මාසයක් සඳහා ලබා දිය යුතු ආධාර මුදල රු. 80 000කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස