පවුලකට නොමැරී ජීවත් වෙන්න සතියකට රු. 20 000ක්වත් දෙන්න! – සජිත්

April 10, 2020 at 7:38 am | by emanisa.lk

කොරෝනා වසංගතය නිසා රැකියා සහ ව්‍යාපාරික කටයුතු කරගත නොහැකිව සිටින ජනතාවට වහාම සහන ලබාදිය යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ අනුව සිව් දෙනෙකු සිටින පවුලකට සතියක් නොමැරී ජීවත් වීමට රු. 20 000ක දීමනාවක් ලබා දිය යුතු යැයි හෙතෙම පෙන්වා දෙයි.

තමා මෙසේ පවසන්නේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තු දත්ත අනුව බව ද සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් අනාවරණය කළේය.

manthri.lk මගින් මෙහෙය වූ ඔන්ලයින් හමුවකට එකතු වෙමින් හෙතෙස මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස