පලාලි ඊළාම් රාජ්‍යයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද?

October 19, 2019 at 11:41 am | by emanisa.lk

පලාලි ගුවන්තොටුපළ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන බෙදුම්වාදයට අවශ්‍ය පදනම සකසන බවට චෝදනා ෆේස්බුක්හි පළකළ ලිපියක් පහත දැක්වෙයි.

ඊයේ (17) දින මෛත්‍රිපාල හා රනිල් අතින් විවෘත වූයේ දැඩි තර්ජනයකට මුහුණ පා තිබෙන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ නවතම ලූප් හෝල් එකය.

* මෙහි සේවය කරන සියලුම නිලධාරීන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයන්ය.

* මෙහි ආරක්ෂක නිලධාරීන් පවා සිවිල් ද්‍රවිඩ ජනතාවය.

* ආගමන විගමන හා නිෂ්කාශන කටයුතු සිදුවන්නේද මෙම පිරිස අතින්ය.

* එම සියලු රැකියා දෙමළ ජාතික සංධානයේ දේශපාලඥයන් විසින් ලබා දුන් දේශපාලන පත්වීම්ය.

* මෙය ශ්‍රී ලංකා ආගමන විගමන මණ්ඩලය, කොළඹට හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කිසිඳු සම්බන්ධයක් නොමැති ඊනියා ජාත්‍යන්තර ගුවන්තොටුපළකි.

* මින් පෙර ගුවන් හමුදාව භාවිතා කළ පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීමේ එකම අරමුණ කොළඹ සහ යාපනය අතර සම්බන්ධය ඇති කිරීම නොව යාපනය සහ තමිල්නාඩුව සම්බන්ධ කිරීම බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන කරුණකි.

* මෙය ඉන්දීය තානාපති කාර්යාලයෙ යෝජනාවට සිදු කළ ව්‍යාපෘතියකි.

* මෙමගින් ඉන්දීය ඔත්තු සේවා නිලධාරීන්ට කිසිදු අපහසුවකින් තොරව පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වනු ඇත.

* රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ බහුල වනු ඇත.

* යෝජිත On arrival visa ක්‍රියාත්මක කළ පසු ශ්‍රී ලංකාවට වැල නොකැඩී පැමිණෙන තමිල්නාඩු ජාතිකයන් කිසිඳු බාධාවකින් තොරවම මෙරටට රිංගා ගනු ඇත.

* ඒ අතර අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, බෙදුම්වාදීන් සිටිය හැක.

* ගුවන්තොටුපළ නිශ්කාෂන අංශයේ සේවය කරන්නන් කී දෙනෙකු ඉන්දීය ඔත්තු සේවා නිළධාරීන් යැයි දන්නේ දෙවියන් පමණකි.

* උතුරු නැගෙනහිර ත්‍රස්ත සැකකරුවන්ට පවා පහසුවෙන් තමිල්නාඩුවට පැන ගත හැකි වනු ඇත.

රනිල්-මෛත්‍රී ඊයේ දින විවෘත කළේ උතුරු නැගෙනහිර බෙදුම්වාදය පහසුවෙන් පෝෂණය කිරීමට ඉන්දියාවට ලබා දුන් නූතන හනුමා පාලමයි.

එම නිසා මෙය “අනේ අපිට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක්” යැයි හූරේ දැමීමට කිසිඳු හේතුවක් නොමැති භයානක අනතුරකි.

නොවැම්බර් 17 දිනම වහාම ශ්‍රී ලංකා රජයේ භාරයට ගත යුතු ජාතික ආරක්ෂාවේ නූතන තර්ජනයයි.

ඉෂාන් ජයසූරිය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස