පල්ලියේ බෝම්බ තිබ්බ මිනිහ වෙනුවට ඒක දැක්ක මිනිහ අත්අඩංගුවට අරන්..! පාලකයින්ට ගැති වී බොරු නොකර යුනිෆෝම් ගලවා ගෙදර යනු…! – කාදිනල් හිමිගෙන් නැවතත් දැවැන්ත ප්‍රහාරයක්…

January 14, 2022 at 8:57 am | by emanisa.lk

බොරැල්ල දේවස්ථානයක තිබී සොයා ගැනුණු බෝම්බය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රන්ජිත් හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

එය කතෝලික දේවස්ථාන බිය ගැන්වීම සඳහා කළ කුමන්ත්‍රණයක් විය හැකි බවයි, උන්වහන්සේ සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියේ හැසිරීම ද සැකයට තුඩු දී තිබෙන අතර දේවස්ථානයේ CCTV දර්ශන අනුව උදය කාලයේ දේවස්ථානයට පැමිණ ඇති තැනැත්තා සම්බන්ධයෙන් සැකයක් පවතින අතර එම තැනැත්තා කවුද යන්න පොලීසිය සොයා ගත යුතු බවයි, කාදිනල් හිමියන් පැවසුවේ.

එහෙත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ දේවස්ථානය පිරිසිදු කිරීමට මෙන්ම ආරක්ෂාවට යොදවා තිබෙන තැනැත්තා වන අතර තව දුරටත් අහිංසක මිනිසුන් බිල්ලට නොගෙන ඇත්ත සොයා ගැනීමට පොලීසිය කටයුතු කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

“කාරණා කිහිපයක් තියෙනවා පොලීසිය ගෙනයන කතාව සත්‍යයෙන් තොරයි කියල පේනවා. අපිට පේනවා මේක උදේ වරුවේ තියාපු බෝම්බයක්. එහෙම හිතන්න පුළුවන් සාධක අපට තිබෙනවා CCTV දර්ශනවල.

කවුද මේක ගෙනත් තිබ්බේ කියන එක හොයන්නේ නැතුව අර පල්ලියේ වැඩකර කර ඉන්න, ඒක දැකල බය වුණ මිනිහව තමයි, ඇතුළට දාන්න පොලීසිය කටයුතු කරලා තියෙන්නේ. එතන සත්‍ය හෙළිදරව් කරගැනීමේ උත්සහයක් නැහැ.

එහෙම නම් උදේ වරුවේ ඉඳල ම CCTV දර්ශන බලන්න ඕනේ. ඇයි කිව්වේ තුනෙන් පස්සේ විතරක් බැලුවහම ඇති කියල. මේ වගේ අපට ප්‍රශ්නාර්ථ රාශියක් තිබෙනවා මේ පරීක්ෂණ ගැන. පොලීසිය කරන දේ ගැන. අපිට පේනවා මේකේ ඇත්ත හොයනවට වැඩිය කතන්දරයක් ගොතන බවක් පේනවා.
ඒ නිසා පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි කියනවා හරියාකාරව පරීක්ෂණය කරන්න කියල කියනවා. අහිංසක මිනිස්සු බිල්ලට දීලා මේක පිටුපස්සේ තියෙන කුමන්ත්‍රණ වහන්න අපේ ඉතිහාසය පුරාවට ම පොලීසිය කරලා තියෙන දේවල් දිහා බලනකොට මේකත් ඒවගේ එකක්ද කියන ප්‍රශ්නය එනවා.

නිලධාරීන් පළමුව අවංක විය යුතුයි. පොලීසිය ඇත්තේ දේශපාලකයින්ට අවශ්‍ය ලෙස ගැතිකම් කරන්න නෙමෙයි. ඇත්ත වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි නම් බොරු නොකර යුනිෆෝම් ගලවා ගෙදර යන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස