පරිසරයට වින කටින පොහොර අවභාවිතයට ඉඩ නෑ….! කාබනික පෝර දෙන්න කලින් පාංශු පරික්ෂාවක්….!

August 9, 2021 at 10:05 am | by emanisa.lk

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දීම සඳහා සිදු කරන පාංශු පරීක්ෂණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

එම වැඩසටහන අම්පාර දිස්ත්‍රිකකයෙන් ආරම්භ කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.

කාබනික පොහොර භාවිතය පිළිබඳව ගොවි ජනතාව දැනුම්වත් කිරිම සඳහා කෘෂි පර්යේෂණ නිලධාරීන් පුහුණු කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කීය.

මහ කන්නයේ පොහොර නිකුත් කිරීමට පෙර වගා බිම් ආශ්‍රිතව පාංශූ පරීක්ෂාව සිදු කිරීමට තීරණය කර ඇති අතර පරීක්ෂාවට ලක් කෙරෙන වගා බිම් හිමි ගොවීන් සඳහා පොහොර ලබා ගැනීමේ කාඩ්පතක් නිකුත් කිරීමට ද, පියවර ගන්නා බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *