පරිපාලනය අයිති ලංකාවට නම් ජැටිය ඉන්දියාවට දුන්නට කමක් නෑ….! – විමල්…

January 12, 2021 at 10:47 am | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය වරාය අධිකාරියේ මුදලින් සම්පූර්ණ කර දියුණු කළ හැකි බව සිය පක්ෂයේ මතය යැයි කාර්මික කටයුතු ඇමැති විමල් වීරවංශ පවසයි.

එසේ ම හම්බන්තොට වරාය චීනයට ලබා දීම ඇතුළු භූගෝලීය හේතු මත ඉන්දියාවට කොළඹ වරායේ පර්යන්තයක් ඉල්ලා සිටින්නේ නම් කිසියම් කාල සීමාවක් තුළ එය නැවත ලංකාවට හිමි වන ආකාරයට ඔවුන්ට නව පර්යන්තයක් කොළඹ ගොඩනැඟිය හැකි බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

එසේ නොමැතිව අපේ රටේ මුදලින් ගොඩනැඟූ නැඟෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට දීම අනුමත කළ නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුව ද නැඟෙනහිර පර්යන්තය ලංකාව ඉන්දියානු අදානි සමාගම සමග කොටස් 51:49 ගිවිසුම යටතේ සංවර්ධනය කිරීමට යාමේ දී ජැටියේ පරිපාලන බලය සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන්නේ නම් එවැනි ගිවිසුමක් පිළිබඳ සලකා බැලීමට සූදානම් බව ද ඔහු පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඊයේ (11) ඔහු මේ බව සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *