පරිණත දේශපාලනයක් කරන අපේක්ෂකයා සජිත්! සජිත්ගේ ජයග්‍රහණයට කිසිම අභියෝගයක් නෑ! – වජිර

November 10, 2019 at 8:09 am | by Editorial

ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) අපේක්ෂක සජිත් ප්‍රේමදාසට කිසිදු අභියෝගයක් එල්ල වී නැතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගෙන් පරිණත දේශපාලනයක නිරත වන්නේ සජිත් ප්‍රේමදාස පමණක් බවත් ඔහු වටා එජාපයේ සියලු දෙනා ඒකරාශීව සිටින බැවින් පක්ෂ මාරුකිරීම් සම්බන්ධව පැතිරෙන කටකතා සියල්ල අසත්‍ය බවත් වජිර අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය තුළ කිසිදු බේදයක් නොමැති බැවින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සියලු මැති ඇමැතිවරුන් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස