පරාක්‍රම සමුද්‍ර බැම්ම මත ඇවිදින මං තීරුවක්….! වැව් බැම්මට හානි වෙතැයි ජනතා විරෝධයක්….!

August 27, 2021 at 12:29 pm | by emanisa.lk

පරාක්‍රම සමුද්‍ර බැම්ම මත ඇවිදින මං තීරුවක් තැනීමට කටයුතු කිරීම ගොවි ජනතාවගේ විරෝධයට හේතු වී තිබේ. එමගින් වැවේ රළපනාවට ද වැව් බැම්මට ද හානි වන බවට ඔවුහු චෝදනා කරති.

අඩි 08ක් පළල මෙම ඇවිදින මං තීරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මට ඇතුළින් රළපනාව සීමාවේ මීටර් 1700ක් දිගට තැනීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙන් කර ඇති මුදල රු. මිලියන 34ක් වන අතර ගොවිජන සේවා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අනුමැතිය ඒ සඳහා ලැබී තිබේ.

ප්‍රදේශයේ ජනතාවගේ ශරීර සුවතා කටයුතු සඳහා සුන්දර පරිසරයක ස්ථානයක් වෙන්කර දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව පොළොන්නරුව දිසාපති ඩබ්.ඒ. ධර්මසිරි පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස