තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ පරදින බව දැන ගෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දැකීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 87 ක් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව ද හෙතෙම සඳහන් කරයි.
තමන් මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළේ, ජාතික කඳවුරට ඡන්දය ලබාදීමට සිටින පිරිසට ඡන්දය දීමට තැනක් නැතිව ඔවුන් ද මාලිමාවට ආකර්ෂණය වීමට හැකියාව තිබූ නිසා බව ද උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කීය.