සමාජ ජාලාවලින් පැරණි වීඩියෝ, සටහන් ආදිය ඉවත් කරන්නේ කෙසේදැයි ප‍්‍රබලයෙකු ප්‍රසිද්ධ සමාජ ජාලයක කලාපීය ඉහල නිලධාරියෙකුගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.
සිංගප්පූරුවේ සිට මෙම සමජ ජාලයේ කලාපීය කාර්යාල ක්‍රියාත්මක වන අතර එහි ඉහල තනතුරක් දරන ලාංකිකයෙකුගෙන් මෙම විමසීම කර ඇතැයි පැවසේ.
එහි දී ඔහු පෙන්වා දී ඇත්තේ එවන් දත්ත ඉවත් කිරීමක් කළහොත් ජාත්‍යන්තර වශයෙන් තම සමාගමට අයහපත් ලෙස බලපානු ඇති බවත් තමන්ට ද පෞද්ගලිකව චෝදනා එල්ල වනු ඇති බවත්ය.
කෙසේ වෙතත් පැරණි වීඩියෝ සටහන් ආදිය ඉවත් කර ගත හැකි ක්‍රම ඔවුන්ගේ රෙගුලාසි පද්ධති තුළම අඩංගු විය හැකි බවත් එය හොඳින් පරිශීලනය කරන හා ඒවා සමග කටයුතු කරන පුද්ගලයන් හා කණ්ඩායමක් ලවා එය කරවා ගැනීමට උත්සාහ දරන ලෙසත් ඔහුගෙන් උපදෙස් ලැබී ඇති බවත් දැනගන්නට ඇත.