පදනම් විරහිතව මදූෂ් අත්අඩංගුවට නොගන්නැයි පුංචි අම්මාගෙන් පෙත්සමක්!

March 14, 2019 at 7:42 pm | by admin

දැනට විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

මධුෂ් නමැත්තාගේ මවගේ සොයුරියක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචි ඒ. ඩබ්ලිව්. ශ්‍රියානි නමැත්තිය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස් විශේෂකාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පතිවරයා හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කාරිය කියා සිටින්නේ දැනට විදේශගතව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පදනම් විරහිතව කටයුතු කරමින් සිටින බවය.

මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, මාකඳුරේ මධුෂ් අත් අඩංගුවට ගැනීමට වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස