පටු අරමුණු වෙනුවෙන් පාලකයෝ රාජ්‍ය සේවය පුරවලා… IMF රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවා…! – ලාල්කාන්ත….

January 7, 2025 at 11:57 am | by emanisa.lk

රාජ්‍ය සේවයේ අතිරික්ත සේවකයින් අඩු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍යය අරමුදල දන්වා ඇති බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබා ගැනීම සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව ද ඇමතිවරයා අනාවරණය කරයි.

මහනුවර පැවති කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් ලාල් කාන්ත අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

පසුගිය කාලය තුළ දේශපාලන අරමුණු පෙරදැරි කරගෙන රාජ්‍ය සේවයට විශාල පිරිසක් බඳවා ගෙන ඇති බව ද ඇමති ලාල්කාන්ත වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *