පක්ෂ 20ත මහා සන්ධානය සූදානම්! නායකයා මහින්ද! සභාපති මෛත්‍රී!

October 26, 2019 at 2:31 pm | by emanisa.lk

පක්ෂ 20ක සහභාගීත්වයෙන් ලබන 31දා අත්සන් කෙරෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂටත් සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් ලබාදීමට ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව එකඟත්වයකට පත්ව ඇත. එසේම මෙම සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරය බැසිල් රාජපක්ෂට පිරිනැමෙන බව ද වාර්තා වෙයි.

නව සන්ධානයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් හා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයක් ශ්‍රී.ල.නි.පයට හිමිවෙයි. මෙම ප්‍රධාන තනතුරුවලට අමතරව පත්කෙරෙන සෙසු තනතුරු සඳහා සුදුස්සන් පක්ෂ සියල්ලේම නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන හමුවකදී තීරණය කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස