පක්ෂ විපක්ෂ මන්ත්‍රී පිරිසක් මහ පාරේ ගුටි කෙළියක…!

October 12, 2021 at 3:21 pm | by emanisa.lk

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදිවන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට අද (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වි ඇත.

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ රු. මිලියන 20 වියදමින් ඉදිවන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති, ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණෙන අවස්තාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබුණි.

සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිස ක්‍රිඩාංගණය අසල රැදි සිටිය දි එම ස්ථානයට පැමිණි නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර සහ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් , ආධාරකරුවන් පිරිසක් අතර ඇති වු උණුසුම් තත්ත්වයකින් අනතුරුව දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.

ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වන නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජිව පවසන්නේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිමට තමන් විරුද්ධ නොවන බවත්, ඒ සඳහා සුදුසු ස්ථානය ජයතිලක ක්‍රිඩාංගණය නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර කියා සිටින්නේ ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදිකරන ඇවිදින මංතිරුවේ ඉදි කිරිම් කටයුතු නගර කිරිමට හිටපු සභාපතිවරයා සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් සහ ඔහුන්ගේ ආධාරකරුවන් කටයුතු කරමින් සිටින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස