පක්ෂ විපක්ෂ ප්‍රචාර බොරු… කිසිවෙකුට මගේ සහායක් නෑ…! – මෛත්‍රී…

August 17, 2024 at 8:57 am | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයේ දී තමන් කිසිදු අපේක්ෂකයෙකුට සහය ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

රජය සහ විපක්ෂ තමන් පිළිබඳ පතුරුවා හරින ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි, හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ශ්‍රීලනිප අර්බුදය මේ වන විට අධිකරණය හමුවේ පවතින අතර පක්ෂ සභාපතිවරයා කවුද යන්න මෙතෙක් තීන්දු කර නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

පක්ෂයේ තීින්දු ගැනීමේ බලය සභාපතිවරයා සතු වන අතර අධිකරණ තීන්දුව ලැබෙන තුරු පක්ෂ සභාපතිවරයා හැර කිසිදු නිලධාරියෙකු ගනු ලබන තීන්දුවක් බල රහිත බව ද මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *