පක්ෂ ප්‍රතිපත්තියට පයින් ගසා සජිත් ජනපතිට එක්වෙයි!

July 12, 2019 at 1:39 pm | by emanisa.lk

බන්ධනාගාරගතව සිටිමින් මත්ද‍්‍රව්‍ය ජාවාරමේ නිරත වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ (11) කැස්බෑව කහපොල ප්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජීවිත සහමුලින්ම වනසන මත් ජාවාරම්කරුවන්ගෙන් මෙරට ලක්ෂ හතළිස් හතරක් පමණ වන දරු පරපුර බේරා ගන්නේ කෙසේදැයි මරණ දඬුවමට විරුද්ධ පිරිසගෙන් තමන් ප්‍රශ්න කරන බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධව බව එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස විරුද්ධ බව සඳහන් කර ඇත.

එවන් තත්ත්වයකදී එජාපයේ නියෝජ්‍ය නායකවරයා මරණ දඬුවමට පක්‍ෂ වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස