පක්ෂ නායකත්වය තව කෙනෙකුට ලබා දෙන සංස්කෘතියක් අපේ පක්ෂයේ නෑ! රට හදන රැඩිකල් දර්ශනයක් මා සතුයි!

February 10, 2019 at 5:06 am | by admin

පක්ෂ නායකත්වය නිකන්ම ලැබේ යැයි සිතනවා නම් එය සිහින ලෝකයක් බවත් එය ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බවත් අමාත්‍ය නවීන් දිසානායක සති අන්නත පුවත්පතක් සමග පැවති සාකච්ඡාවක දී පවසා තිබේ.

පක්‍ෂ නායකත්වය කියන බැටන් එක තවත් පුද්ගලයකුට ලබා දෙන සංස්කෘතියක් අපේ පක්‍ෂයේ නෑ. හැම වෙලාවෙම පක්‍ෂ නායකත්වයක් ලබා ගන්නේ, රහස් ඡන්දයක් හෝ මැතිවරණ පරාජයකදී වැනි අවස්ථාවලදීයි. පක්‍ෂ නායකත්වය නිකම්ම ලැබෙනවා කියලා හිතනවා නම් ඒක සිහින ලෝකයක්. ජනාධිපති අපේක්‍ෂකත්වය අරගෙන ජයග‍්‍රහණය කළොත් ඉබේම පක්‍ෂ නායකත්වය ලැබෙනවා. ඒක පේ‍්‍රමදාස මහතාට ලැබුණා 88 දිනුවහම. එහෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකින් තමයි අපේ පක්‍ෂයේ නායකත්වය දෙන්නේ. අනෙක අපේ හොඳ දෙවැනි පෙළක් සිටිනවා. අපි තවදුරටත් බලයේ සිටිය යුතුයි යන සාමූහික එකඟතාවක් තිබෙනවා. ඒකට අපි විවිධ තර්ක කරලා මත ගොඩනඟනවා.

රට හැදීම සඳහා රැඩිකල් දර්ශනයක් තමා සතු බව ද සජිත් ප්‍රේමදාස සමග පක්ෂය තුළ බල අරගලයක් තමාට නැතැයි ද අමාත්‍යවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *