පක්ෂ අර්බුද මැද රැලි පැවැත්වීම සුදුසු නෑ! කුරුණෑගල ගිය මන්ත්‍රී පිරිසට විනය පරීක්ෂණ!

September 6, 2019 at 11:22 am | by emanisa.lk

විශේෂ සාකච්ඡාවක් යැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අද (6) පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා ඇත.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ඊයේ (5) පැවැති ජනහමුව පිළිබඳවද අවධානය යොමු කරන බව වාර්තා වෙයි.

එම ජනහමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි පක්ෂ නායකත්වයේ අවධානය යොමු වී ඇත. පක්ෂයේ පවතින අර්බුදය නිමා කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති මොහොතක පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයේ මහජන රැලි පැවැත්වීම සුදුසු නොවන බව එ.ජා.ප. නායකත්වයේ අදහස වී ඇත.

කුරුණෑගල පැවැති රැලියේදී පක්ෂ නායකත්වය විවේචනය ​නොකිරීමටද මීට පෙර තීරණය කර තිබුණි. කෙසේ වෙතත් කුරුණෑගල රැලියට සහභාගි වූ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග නැගීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට පක්ෂයේ නීති ලේකම්වරයා දැනුවත් කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස