පක්ෂවලට රජුන් තැනූ යුගය අවසන්….! ඊළඟ ජනපති අපේක්ෂක GMOA එකෙන්….!

July 29, 2021 at 9:38 am | by emanisa.lk

ඊළඟ ජනාධිපතිවරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් බව එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

මේ රටේ ජනාධිපති ධූරය සඳහා සුදුසු විශාල පිරිසක් තම සංගමයේ ඇතැයි ද ඔහු පවසයි.

එහි සිටින වෛද්‍ය සුදත් අතපත්තු වැනි හතර පස් දෙනෙකු හැරුණු විට සියලු දෙනාට ම ඒ සඳහා සුදුසුකම් ඇතැයි නවීන් ද සොයිසා පෙන්වා දෙයි.

ජනතාව ඉල්ලා සිටින්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඒ සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *