ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එම තනතුරින් ඉවත්ව එම වගකීම් සියල්ල වෙනත් ජ්‍යෙෂ්ඨයකුට පැවරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
එලෙස ලේකම් ධුරය පැවරීමට යෝජිත අය අතර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ නම ඉහළින්ම සඳහන් බව වාර්තා වෙයි.
වසර ගණනාවක් එම පක්ෂයේ ලේකම් ධුරය දරමින් සිය වගකීම් නිසි ලෙස ඉටු කරලීමත් බලාපොරොත්තු වූ බලය ලබා ගැනීම යථාර්ථයක් බවට පත්ව ඇති නිසාත් ඔහු මෙම තීරණය ගැනීමට සූදානම් වන බව එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂා කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ටිල්වින් සිල්වා මහතාගේ සහාය අවැසි බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇතැයි ද වාර්තා වේ.