පක්ෂයේ තීණ්දුව පාක්ෂිකයන්ගේ අපේක්ෂාව බොඳ කළා…මම රනිල් ළඟට යනවා…! – ප්‍රසන්නගෙන් මහින්දට ලිපියක්…

July 31, 2024 at 2:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලය ජනාධිපතිවරණය සඳහා පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීන්දුව බහුතර පොහොට්ටු පාක්ෂිකයන්ගේ අදහස නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ හිටපු ජනාධිපති, පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමිනි.

එසේම එම තීන්දුව සඳහා හිටපු ජනාධිපතිවරයා යොමු කළේ ඔහු හෝ පක්ෂය හෝ කෙරෙහි ඇති ආදරයක් නිසා නොවන බව ද හෙතෙම අවධාරණය කරයි.

මේ අවස්ථාවේ අත්හදා බැලීම් කළ නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ධූරයට පත් කර ගෙන මිස වර්තමාන අර්බුදයෙන් ගොඩයා හැකි මාර්ගයක් නොමැති බවත් ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

එහෙයින් සිය හෘද සාක්ෂියට එකඟව 2015 මහින්ද සුළඟ වේදිකාවට නැග්ග ආකාරයට ම එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ දිනවීමට කටයුතු කරන අතර තමන් තව දුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *