නොකළ වරදකට මාස 06ක් සිරබත් කෑ අජන්තන් නිදහස් වෙයි!

May 16, 2019 at 5:57 pm | by admin

වව්නියාවේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර ආයුධ පැහැර ගැනීමට සැකපිට පසුගිය නොවැම්බරයේ අත්අඩංගුවට ගෙන මඩකලපුව අධිකරණයෙන් රැඳවුම් භාරයේ රඳවා ගෙන සිටි අජන්තන් නමැති පස් දරු පියකු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පුනරුත්ථාපනය කළ හිටපු කොටි සාමාජිකයකු වන අජන්තන් සහ තවත් පුද්ගලයකු අදාළ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. කෙසේ වුවද එම කටයුත්ත පාස්කු ප්‍රහාරය එල්ල තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන්ගේ අපරාධයක් බව පසුව අනාවරණය විය.

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය පිළිබඳ පොලිසියට තොරතුරු සැපයූ කබීර් හෂීම්ගේ ලේකම්වරයකුට වෙඩි තැබීමට ඔවුන් යොදා ගෙන තිබුණේ ද ඝාතනය කළ පොලිස් නිලධාරීන්ගේ නිල අවියක් බව අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *