නූතන ථේරපුත්තාභය පහන නිමෙයි…! බුද්ධංගල හිමිගේ අවසන් කටයුතු අනිත්දා…!

December 29, 2021 at 10:37 am | by emanisa.lk

ගිහි ජීවිතයේ දී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ලෙස රාජකාරි කළ බුද්ධංගල ආනන්ද හිමියෝ ඊයේ (28) උදෑසන අපවත් වූහ.

උන්වහන්සේ මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකරගේ වැඩිමහල් සොහොයුරාය.

අපවත් වනවිට 78 වැනි වියේ පසුවූ උන්වහන්සේගේ දේහය අද සහ හෙට කොළඹ බෞද්ධාලෝක මාවතේ, බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ තැන්පත් කර තිබේ.

හෙට (30) සවස 4.30ට දේහය අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයෙහි තැන්පත් කරන අතර අනිත්දා (31) සවස 3.00ට එම ආරණ්‍ය සේනාසනයේ දී ආදාහන කටයුතු සිදුකෙරෙයි.

මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කාලයක් කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *