පාසල් විෂය මාලාවෙන් සෞන්දර්ය විෂය මාලාව ඉවත් කිරීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මානව හිතවාදී සංවේදී ජන පරපුරක් නිර්මාණය කිරීමට සෞන්දර්ය විෂය ඉතාම වැදගත් බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
නිදහස් අධ්‍යාපනය පණටත් වඩා ආරක්ෂ කරමින් නූතනවාදී තාක්ෂණයෙන් හෙබි ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය නව අධ්‍යාපනයකට මුල පුරන බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.