නූගත් මෝඩ ආණ්ඩුව ගෙදර යන තුරු ගුරු අරගලය ඉදිරියට යනවා…! – පාඨලී…

August 1, 2021 at 8:58 am | by emanisa.lk

එළඹෙන අගෝස්තු 06 වෙනිදා කොතලාවල පනත සහ ජාතික උසස් අධ්‍යාපන පනතට ගෙන ආ සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට සැලසුම් කර ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

මෙමගින් ලංකාවේ අධ්‍යාපනය මිලිටරිකරණය, බැරැක්කකරණය සහ වාණිජකරණය වන බවත් ඊට එරෙහිව මේ රටේ ගුරුවරුන් ශිෂ්‍ය ව්‍යාපාර ප්‍රමුඛ බුද්ධිමත් ජනතාව නැඟී සිට ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.

පසුගිය ආණ්ඩුව සමයේ කොතලාවල පනත ගෙන ආ අවස්ථාවේ ද සයිටම් පනත ගෙන ආ අවස්ථාවේ මෙන් මෙම අවස්ථාවේ ද තමා ඊට එරෙහි වන බවත් හෙතෙම අවධාරණය කරයි.

මේ වන විට පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ ආචාර්යවරු ඇතුළු බුද්ධිමත් පරපුර විවිධ ප්‍රශ්න පදනම් කරගෙන ආරම්භ කර ඇති ජන අරගලය නූගත් මෝඩ පාලනයේ අවසානය තෙක් ඉදිරියට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *