නුවරඑළියේ පොහොට්ටු මන්ත්‍රීගේ සහාය රනිල්ට..!

August 14, 2024 at 12:42 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස පවසයි.

“වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අපි හොඳින් ගැඹුරින් අධ්‍යයනය කළා. ජනතා බලයෙන් පත් වූ පාලකයන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොමැතිව පළා යන අවස්ථාවක රටට නිවැරදි නායකත්වය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව අප අමතක කළ යුතු නෑ.

ගෝඨාභය රාජපක්ෂ සිය වගකීම ඉටු නොකර පළා යද්දී මේ රටේ අගමැතිරයා ලෙස මේ රටේ වැඩ බලන ජනාධිපතිවයා විදිහට මේ රටේ ජනාධිපතිවරයා විදිහට මේ රට හැම අතින්ම ගොඩනැඟීමට ජනතාවාදී නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව අප අමතක කළ යුතු නෑ.”

නිමල් පියතිස්ස, විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරි පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *