මාස්ක් පළඳින්න යැයි පාර්ලිමේන්තුව තුළ දී රටට නීති හදමින් රවුෆ් හකීම් මාස්ක් නොපැළඳ පාර්ලිමේන්තුවේ හැසිරී ඇති ආකාරය කනගාටුදායක යැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල පවසයි.
තමා ඔහු දකින බොහෝ අවස්ථාවල මාස්ක් එකක් පැළඳ සිටියේ නැති බවත් වගකීම් විරහිත ඔහුගේ මේ හැසිරීම පාර්ලිමේන්තුවට ලැජ්ජාවක් බවත් කිරිඇල්ල සඳහන් කළේ ය.
රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු ආශ්‍රිතයන් ලෙස සැලකෙන මන්ත්‍රීවරු පීසීආර් සිදු කළ යුතු බවට දැනුම් දුන් අතර විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල ද ඒ අතර විය
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත්‍රීවරු කිහිප දෙනකු 20 වැනි සංශෝධනයට ඡන්දය දුන් පසුගිය ඔක්තෝබර් මාසයේ පටන් තමන් රවුෆ් හකීම් සමග වචනයක්වත් කතාකර නැතැයි ද කිරිඇල්ල පැවසීය.
කෙසේ වෙතත් තමන් ද ඊයේ (11) පීසීආර් පරීක්‍ෂණයක් සිදු කළ බවත් එහි වාර්තාව ලැබුණු විගස එය කථානායකවරයාට ලැබෙන්නට සලස්වන බවත් කිරිඇල්ල සඳහන් කළේ ය.