නීති විරෝධී ගිනි අවියක් සමග රංජන් අත්අඩංගුවට!

January 4, 2020 at 9:05 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සතුව තිබූ නීතිවිරෝධි ගිනි අවියක් හේතුවෙනි. එම ගිනි අවියට බලපත්‍ර නිකුත් කර නොමැති අතර මන්ත්‍රීවරයා විසින් 2016 වසරේ යහපාලන ආණ්ඩු සමයේ එම නීතිවිරෝධි ගිනි අවිය ලබා ගෙන තිබේ.

ඒ අද (04) පොලීසිය විසින් මාදිවෙල පිහිටි ඔහුගේ මන්ත්‍රී නිලල නිවසේ සිදු කළ වැටලීමකින් පසුවය.

මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන අඩංගු සීඩි සහ ලිංගික උපකරණ (Sex Toys)හමුව තිබේ. ඇතැම් ලිංගික උපකරණ පිරිමි ලිංගික අවයවයන්ට සමාන වේ.

ලිංගික උපකරණ ළඟ තබා ගැනීමට නීතියෙන් තහනම් නොවුණ ද අසභ්‍ය දර්ශන අඩංගු සීඩි ළඟ තබා ගැනීම ද නීතිවිරෝධි වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස