නීති විරෝධි විදුලි කප්පාදුවට එරෙහිව ඉතිහාසයේ ප්‍රථම වරට විදුලිය බල මණ්ඩලයට එරෙහිව නඩු!

March 29, 2019 at 2:23 pm | by admin

මහජන උපයෝගීතා කොමිසමේ නිසි අවසරය ලබා නොගෙන විදුලිය විසන්ධි කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම රටේ ජනතාව වෙනුවෙන් ලංකා විදුලිය බල මණ්ඩලයට එරෙහිව නඩු මගට පිවිසීමට තීන්දු කර තිබේ.

විදුලිය විසන්ධි කිරීමක දී මහජන උපයෝගීතා කොමිසම දැනුම්වත් කළ යුතු බවට නීති පනවා තිබේ. ඒ එවැනි විදුලි විසන්ධි කිරීමක් නිසා ආර්ථිකයට සහ ජනතාවට සිදුවන හානිය අවම කර ගැනීමටය. එහෙත් මෙවර එවැනි අවසර ගැනීමක් සිදු නොකර විදුලිය බල මණ්ඩලය අත්තනෝමතික ලෙස විදුලිය විසන්ධි කර තිබේ.

මේ ආකාරයට විදුලිය බල මණ්ඩලයට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම නඩු මඟට පිවිසෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව පැවසූ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් වැඩි දුරටත් සඳහන් කළේ මහ ජනතාවගෙන් සාක්ෂි සටහන් කර ගැනීම දැනටමත් ආරම්භ කර ඇති බවය.

ලංකා විදුලිබල මණ්ඩලය පූර්ව දැනුම් දීමකින් තොරව මාර්තු 18 වෙනිදා සිට විදුලිය විසන්ධි කළ අතර අනතුරුව 24 වෙනිදා සිට ජනතාවට දැනුම් දී කාල සටහනක් අනුව විදුලිය විසන්ධි කිරීමට කටයුතු කළේය. මහජන උපයෝගීතා කොමිසම විසින් තමන්ට ලැබී ඇති බලපත්‍රයට අදාළ කොන්දේසි කඩ නොවන ආකාරයට ක්‍රියා කරන ලෙස මාර්තු 19 වැනි දින විදුලිය බල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන්න ද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස