නීති විද්‍යාල පාඨමාලා සහ විභාග ඉංගිරිසියට සීමා කෙරේ….! නීති ක්ෂේත්‍රයට පිවිසෙන සිංහල සිසුන් සීමා කිරීමේ පොටක්…?

February 1, 2021 at 12:59 pm | by emanisa.lk

නීති විද්‍යාල පාඨමාලා සහ විභාග ඉංගිරිසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීම සඳහා සංස්ථාගත නීති අධ්‍යාපන සභාව තීන්දු කර තිබේ.

ඒ සඳහා 2020 දෙසැම්බර් 30 වෙනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා අධිකරණ ඇමැතිවරයාගේ එකඟත්වය ලැබී ඇතැයි ද එහි දැක්වෙයි.

මේ අනුව පාඨමාලා සියල්ල ඉංගිරිසියෙන් පැවැත්වෙන අතර 2022 ආරම්භ වන නීති විද්‍යාල පළමු වසර සිසුන් අවම වශයෙන් විෂයයන් තුනක් සඳහා ද 2023 විෂයයන් පහක් සඳහා ද 2024 සියලු විෂයයන් සඳහා ද ඉංගිරිසි මාධ්‍යයෙන් ද පෙනී සිටිය යුතු ය.

කෙසේ වුව ද මෙය සිංහල සිසුන් නීති විද්‍යාලයට පිවිසීම සහ නීති ක්ෂේත්‍රයට පිවිසීම සීමා කිරීම සඳහා දියත් කර ඇති කුමන්ත්‍රණයක් බවට සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනය වෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *