නීති ප්‍රවේශ විභාග ප්‍රතිඵලත් වංචා කරලා! අසමත් අය පස්සේ ඉහළින්ම සමත් වෙලා!

March 15, 2019 at 5:54 pm | by admin

2018 වසර සඳහා නාවල විවෘත විශ්ව විද්‍යාලය මඟින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතා පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අද (15) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදි විපක්ෂ නායකවරයා හමුවී ඇත.

2018-05-20 දින විභාගය පවත්වා මාස 6කට පසු ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල ලේඛනය විවෘත විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ සති 2කට තිබුණ ද ඉන් පසු එය ඉවත් කර නැවත ප්‍රතිඵල සටහනක් වෙබ් අඩවියට එකතු කර ඇත.

එමඟින් මුල් ප්‍රතිඵල සටහනේ අසමත් සිසුන් කිහිප දෙනෙකු දෙවනුවට පල කළ ලේඛනයේ ඉතා විශාල ලකුණු පරතරයකින් සමත්ව ඇති බව ද ඔවුන් විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇත.

මේ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුම්වත කරන බව එහි දී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සිසුන්ට පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස