නීති කඩමින් ඩෙඟා නැටූ හූල්ට වැඩ වරදී! පොලිස් විමර්ශන ඇරඹේ!

May 23, 2020 at 10:16 am | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පිළිබඳ පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රත්නජීවන් හූල් මේ දිනවල පනවා ඇති නිරෝධායන නීතිය සහ රටේ නීතීන් උල්ලංඝනය කර ඇත්දැයි යාපනය සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් මෙම විමර්ශනය සිදු කරමින් පවතී.

ඔහුගේ දියණිය එංගලන්තයේ සිට පැමිණ දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පසු තවත් දින 14ක් නිවසේ නිරෝධායන යුතුව තිබියදී එය නොතකා කටයුතු කිරීම හේතුවෙන් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඔහුගේ දියණිය එම නිරෝධායන කාලය තුළදී මැතිවරණ කොමිසන් සභාවට පැමිණීම හේතුවෙන් එම කාර්යාලයේ රියදුරකු සහ තවත් නිලධාරියකු නිරෝධායන ලක් කිරීමට ද පියවර ගෙන ඇත.

එමෙන්ම රත්නජීවත් හුල් විසින් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල රථයක් අවභාවිත කරමින් යාපනය සිට තම පුත්‍රයා ගෙන ඒමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා ඇඳිරි නීති බල පත්‍රයක් පවා ලබා ගෙන නැති බවත් හෙළිව ඇති අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශනය සිදු වෙමින් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස