නීතිය සැමට එකයි…. පියුමි හංසමාලිලා රැගත් බසය ආපසු හැර වූ කතාව බොරු….! සානුකම්පිතව සලකා ඇඳුම් බෑග් ගැනීමට ඉඩදුන්නා පමණයි…! – ඇමැති සරත් වීරසේකර…

June 4, 2021 at 8:13 pm | by emanisa.lk

සෞඛ්‍ය නීති නොතකා උපන් දින සාදයක් පැවැත් වූ නිසා නිරෝධායනයට යොමු කළ පියුමි හංසමාලී ඇතුළු පිරිස නිදහස් කර ගැනීමට ඇමැති සරත් වීරසේකර උත්සාහ කළ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

තමන් හැඳ සිටින ඇඳුම පිටින් ම නිරෝධායනයට රැගෙන යන බවට ඇමැතිවරයාට පියුමි හංසමාලී සහ චන්දිමාල් ජයසිංහ ලබා දුන් දුරකතන ඇමැතුම් පිළිබඳ සානුකම්පිතව සලකා බලා ඔවුන්ට ඇඳුම් පැළඳුම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවස්ථාවක් ලබා දුන් බව එමගින් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඔවුන්ගේ බෑග් ලැබෙන තුරු බසය තලංගම ඩිපෝවේ නවතා තැබූ බවත් කිසිවෙකුට බසයෙන් බැසීමට පවා ඉඩක් නොදුන් බවත් එහි සඳහන් වෙයි.

මහජනතාව ඉදිරියේ දී ද ඇමැතිවරයා වෙත පොලිසිය සම්බන්ධයෙන් යොමු කරන පැමිණිලි පිළිබඳ සොයා බැලීමට මැදිහත් වන බව ද එම නිවේදනය මගින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *