නීතිපති දේශපාලන වහලෙක්…! ගෝඨාට බැසිල්ට එරෙහි නඩු ඉල්ලා අස්කර ගන්නවා..!

October 22, 2021 at 8:02 am | by emanisa.lk

රටේ ජනතාව සම්පුර්ණයෙන් ව්‍යවස්ථා විරෝධී ගෝඨාභයගේ 20 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කරන ලද අවස්ථාවේ ගෝඨාභය හමුවේ දනින් වැටී අධිකරණයේ ස්වාධීනත්වය රටේ ජනතාවට අහිමි කළේ රටේ නීතිපතිය.

ඉන් අනතුරුව දේශපාලන අධිකාරියේ වහලකු වී ඇති නීතිපති දිගින් දිගටම ගෝඨාභයට එරෙහිව පවරා ඇති නඩු සියල්ල ඉල්ලා අස්කර ගත්තේය. එසේම බැසිල් ඇතුළු අනෙකුත් චුදිතයන්ගේ නඩුද ඉල්ලා අස්කර ගත්තේය.

නීතිපති ජනරජයේ පරම අධිකාරිය වන ජනතාව ගෙවන බදු මුදලින් පඩි ලබන රජයේ සේවකයෙකි.

ඔහු පෙනී සිටිය යුත්තේ දේශපාලන අධිකාරිය හමුවේ දනින් වැටී ඔවුන්ව ආරක්ෂා කිරීමට නොව ජනරජයේ පරම අධිකාරිය වන ජනතාව විශ්වාසය මත රාජ්‍ය බලය පවරන ලද 225+1 විසින් නීතියේ ආධිපත්‍ය යටපත්කර මහජනයා වංචා කරමින් බලය අවභාවිත කරන ඕනෑම අවස්ථාවක එම දේශපාලන අධිකාරියට එරෙහිව ජනතාවගේ අධිකරණ බලය සෘජුව බලගැන්වීම සඳහා අධිකරණයට සහාය වීමට පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *