නි. කතානායක ධූර ඡන්දෙයන් ආණ්ඩුවට 2/3ක ජයක්..! සියඹලාපිටිය නැවතත් නි. කතානායක අසුනට…!

May 5, 2022 at 1:25 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පැවැති රහස් ඡන්දයෙන් රංජිත් සියඹලාපිටිය ඡන්ද 148ක් ලබමින් ජයග්‍රහණය කර තිබේ.

ඒ සඳහා විපක්ෂයෙන් තරඟ කළ බාකිර් මාර්කර්ට ලැබී ඇත්තේ ඡන්ද 65ක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කළේ ආණ්ඩුවේ සහාය ලැබෙන අපේක්ෂකයාට එරෙහිව තමන් ඡන්දය භාවිත කරන බවයි.

ඊයේ නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වූ රංජිත් සියඹලාපිටිය අද මෙලෙස නැවත නියෝජ්‍ය කතානායක ධූරයට පත් වූ අතර විශේෂත්වය වන්නේ තවමත් 2/3කට ආසන්න බලයක් ආණ්ඩු පාර්ශ්වය සතු වීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *