නිෂ්පාදන ආර්ථිකයක් හදන්න පුළුවන් ජවිපෙට විතරයි..! යට ඇඳුම් ආනයනයට සීමා දැමීම විහිළුවක්…! බඩු මිල අඩු නොකළොත් පාරට බහින්න අපි සූදානම්…! – ටිල්වින්…

September 11, 2021 at 7:35 am | by emanisa.lk

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු නොකරන්නේ නම් දැවැන්ත විරෝධතා පැවැත්වීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

විදෙස් විනිමය ගැටලුව විසඳා ගැනීමට පිට රට යට ඇඳුම් තහනම ජනතාව අතර හාස්‍යයට ලක්ව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ කොල්ලකාරී ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් තැනිය යුතු බවත් ඒ සඳහා විශ්වාස කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව ය.

“ඒ අතර අපි ජනතාවට අවධාරණය කරන්නේ දැන් තියෙන අර්බුදයට පැලැස්තර විසඳුම් නැති බවයි. මැජික්වලින් විසඳන්න බැරි බවයි. අපේ රටේ පවත්වාගෙන යන ආර්ථීක සහ දේශපාලන වැරදි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෑ. ජාවාරම්කාර අතළොස්සක් මහජන මුදල් ගසාකන, ඒ සල්ලිවලින් ආණ්ඩුව යැපෙන සහ ආණ්ඩුවේ පිරිසක් යටිමඩි ගහගන්න කොල්ලකාරී ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕනෑ.

ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ප්‍රාජාතන්ත්‍රවාදීව, සාධාරණව බෙදාහරින ක්‍රමයක් ඕනෑ. ඒ වගේම මහජන සේවකයක් බවට පත් කරගත් දේශපාලන සංස්කෘතියක් ඕනෑ. ඒ හැර එක නායකයෙක් වෙනුවට තව නායකයෙක් ගෙන එන ක්‍රමය වෙනස් කර බරපතළ සමාජ ආර්ථික වෙනසක් සිදුකරන්න අධිෂ්ඨාන කරගත යුතු වෙනවා. ඒ සඳහා ජනතාවට විශ්වාස කරන්න පුළුවන් බලවේගය ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වටා එකතු වෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවලට ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.”

ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවක දී ජවිපෙ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *