නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන සාර්ථකයි….! කුළුබඩු අපනයන ආදායමේ 97%ක දැවැන්ත වර්ධනයක්…!

April 19, 2021 at 5:31 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තා අනුව පෙර වසරට සාපේක්ෂව 2021 ජනවාරි – පෙබරවාරි මාස දෙක තුළ දී කුළුබඩු අපනයන ආදායම ඩොලර් මිලියන 38.1 සිට ඩොලර් මිලියන 75.2 ක් දක්වා 97.1%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබේ.

කුළුබඩු අපනයන සැලකීමේ දී ගම්මිරිස්, කුරුඳු, සාදික්කා සහ වසාවාසි අපනයන ආදායම ඉහළ යෑම සඳහා මිල ගණන් මෙන්ම අපනයන පරිමාව ද දායක වූ අතර, කරාබුනැටි අපනයන ආදායම ඉහළ යෑම සඳහා අපනයන පරිමාව ඉහළ යාම දායක විය.

2021 වසරේ පෙබරවාරි මාසයේ දී කෘෂිකාර්මික අපනයන ආදායම පසුගිය වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 5.9කින් ඉහළ ගිය අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් කුළුබඩු, පොල් සහ තේ අපනයන දායක විය.

මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් තේ අපනයනයෙන් ඉහළ ආදායමක් ලැබුණු අතර අපනයනය කරන ලද තේ පරිමාවේ පහළ යෑමක් වාර්තා විය. ප්‍රධාන වශයෙන් පොල් කෙඳි අපනයනය හේතුවෙන් පොල් අපනයන ආදායම ඉහළ ගියේය.

ආහාරයට ගත හැකි ඇට වර්ග ආදී වූ සුළු කෘෂිකාර්මික අපනයන සහ මුහුදු ආහාර අපනයන ආදායම සැලකිය යුතු ලෙස පහළ ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *