නිශ්ශංක සේනාධිපති නිකුත් කළ හඬ පටය සත්‍ය බව දිල්රුක්ෂි ඩයස් පිළිගනී! එදා තමා නිශ්ශංකට කතා කළේ කුමන ඇමතිගේ දුරකතනය ඔස්සේදැයි හෙළි කරන ලෙස අභියෝග කරයි….

September 21, 2019 at 4:06 pm | by emanisa.lk

ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ෆේස්බුක් මාධ්‍යජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන ලද දුරකථන සංවාදය සම්බන්ධයෙ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඒ පිළිබඳ තමාට රජයේ සේවකයකු ලෙස පිළිතුරු ලබා දිය නොහැකි බව පවසයි.

කෙසේ වුවත් නිශ්ශංක සේනාධිපති විසින් පිළිතුරු ලබා දිය යුතු බව සඳහන් කරමින් ප්‍රශ්න දෙකක් යොමු කර තිබේ

එම සම්පූර්ණ සටහන මෙසේය.

නිස්සංක සේනාධිපති මහතා වෙත

රජයේ සේවකයෙකු වශයෙන් මට ඔබ මේ දමා ඇති දුරකථන සංවාදය පිළිබඳව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැක.
එහෙයින් පහත ප්‍රශ්න දෙකට උත්තර දෙන්න.

1. ඔබ හා සිදුකරන මෙම දුරකතන සංවාදය සඳහා මට දුරකතනය දුන්නෙ රජයේ මොන ඇමතිතුමා ද හා කුමන හේතුවක් නිසාද යන්න ජනතාවට කියන්න.

2. ඔබ එම දුරකථන සංවාදය විකෘති කර ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට මුළු සංවාදය ම නිදහස් කරන්න.

ඇවන්ගාඩ් ව්‍යාපාරයට හානිකිරීමේ වුවමනාවක් තමන්ට නොවූ බවත් නිශ්ශංක සේනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව විමර්ශන සිදුකෙරුණේ දේශපාලන වුවමනාවන් මත බවත් තමන්ට නීතිය රැකීමට මෙන්ම නැවීමට හැකි බවත් ඩිල්රුක්ෂි ඩයස් විසින් පවසන අයුරු සඳහන් හඬපටයක් සහිත වීඩියෝවක් පසුගියදා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ෆේස්බුක් වෙත එක් කර තිබුණු අතර එය වර්තමාන ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ කියාපාන කැඩපතක් ලෙස සමාජමාධ්‍යවල කතා බහට ලක්ව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස