නිවාස කුළී වැඩි කරන්න මාලිමා මන්ත්‍රීවරුන් විරුද්ධ වෙයි…!

February 15, 2025 at 10:21 am | by emanisa.lk

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාසවල මාසික කුළිය වර්තමානට ගැළපෙන ආකාරයට ඉහළ නැංවීමට ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් විරුද්ධ වූ බව සමගි ජන බලවේගය පවසයි.

එම යෝජනාව පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර මෙතෙක් එම කාරක සභාව නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පමණක් බවයි, සජබ මන්ත්‍රීවරයකු සඳහන් කළේ. විපක්ෂ මන්ත්‍රීවරුන් තවමත් ඊට පත් කර නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කරන බවට ද ජාතික ජනබලවේගය පොරොන්දු වුවද එම යෝජනාව ද පාර්ලිමේන්තුවට ගෙන ආවේ විපක්ෂයේ රවී කරුණානායක විසිනි.

මූලාශ්‍ර – අනිත්දා පුවත්පත…

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *