නිවාඩු දිනයක නාමයෝජනා කැඳවීම පමණක් නෙවෙයි මැතිවරණය පැවැත්වීමත් නිත්‍යානුකූලයි! – මැතිවරණ පනතේ වගන්තිවලින්ම ගම්මන්පිල මැකොට කියා දෙයි….

May 4, 2020 at 10:53 am | by emanisa.lk

නිවාඩු දිනයක නාම යෝජනා බාර දීමෙන් එම නාමයෝජනාවල නීත්‍යනුකූලභාවයට කිසිදු බලපෑමක් නොවන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ප්‍රකාශකළේය.

ඡන්ද විමසීම නිවාඩු දිනයක යෙදිය නොහැකි වුවත් මැතිවරණ දිනය ප්‍රකාශ කළ පසු එකී දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ හොත්  එයින් ද ඡන්දයට බලපෑමක් නැතැයි පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 (2) (ආ)අනු වගන්තියේ  සසඳහන් ව ඇතැයි ද  ගම්මන්පිල කීය.

මැතිවරණ ප්‍රකාශයට පත්කර ඇත්තේ මාර්තු 2 වැනිදා වන අතර නිවාඩු දින ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉන් පසුව යැයි පෙන්වා දුන්  ඔහු මාර්තු 16 සිට 19 දක්වා නිවාඩුවක් ප්‍රකාශයට පත්කිරීම මැතිවරණ නීතියට කිසිසේත්ම බල නොපාන්නේ යැයි ද කියා සිටියේය.

ගම්මන්පිල මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද (03) පැවතිිි මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස්  දැක්වූ ගම්මන්පිල මංගල  සමරවීර  මුදල් ඇමතිවරයා අප්‍රේල් 30 වනදායින් පසු ජනාධිපතිතුමන් මුදල් වියදම් කිරීම නීත්‍යනුකූල නැතිනිසා වහාම පාර්ලිමේන්තුව යලි කැදවිය යුතුයැයි සදහන් කරඇති බවත් එහි කිසිම නීත්‍යනුකූල පදනමක් නැති බවත් කියා සිටියේය.

මංගල සමරවීර පමණක් නොව නීතිය ගැන අවබෝධයක් ඇති සුමන්දිරන් ජනාධිපති නීතිඥවරයා පවා මේ ගැන කතා කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනපතිවරයාගේ මුදල් බලය ගැන කතා කරන බවත් යම් කිසි වසරක විසර්ජන පනත්කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙරාතුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේතුව විසුරුවා ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සදහා මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත්වෙන තෙක් යම්කිසි සේවාවක් අවශ්‍යවෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ යැයි ඔහු පෙන්වා දුන්නේය .

සරලව කිවහොත් අප්‍රියෙල් 30 වෙනිදායින් පසුව මුදල් වෙන්කර නැත්නම් මුදල් වෙන්කරන්න ජනාධිපතිවරයාට බලය ඇති බවත්  එම බලය ලැබෙන්නේ මුදල් වෙන් නොකළ දින සිට මුදල් වෙන් කිරීමටබවත් හෙතෙම කියා සිටියේය.

අලුතින් ආණ්ඩුවක් ආවත් ඒ මුදල් ඇමතිවරයාට නිලධාරින් රැස්කර අයවැයක් හදාගන්නට  අඅවස්ථාව දිය යුතු බවත් ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීමේ සිට මාස තුනක් යන තෙක්ම ජනාධිපතිතුමන්ට මුදල් වියදම් කරගෙන යන්න හැකියාව ඇති බවත් ගම්මන්පිල වැඩි  දුරටත් පෙන්වා දුන්නේය.

අලූත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වෙන දිනය ලෙස මැයි 14 ජනාධිපතිවරයා දැනට තීරණය කර ඇති මැයි 14 සිට  මාස තුනක් යනු  අගෝස්තු 14වනදා බවත් ඒ අනුව එම කාල පරාසය පුරාවටම ජනාධිපතිතුමන්ට මුදල් වියදම් කිරීමේ හැකියාව ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ  වෙතත් මැයි 14 අලුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම දැන් තැබිය නොහැකි බැවින් යම් හෙයකින් ජූනි 22 මැතිවරණය තබා  පළමු පාර්ලමේන්තුව ජූලි 1 වැනිදා පවත්වන්නේ යැයි සිතුවහොත් එදින සිට  ජජනාධිපතිවරයාට   මාස තුනක් දක්වා මුදල් වියදම් කිරීමේ බලය දී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

විපක්ෂය ඇති ප්‍රශ්න නැති කරනවා වෙනුවට නැති ප්‍රශ්න ඇතිකිරීමේ කූඨ චේතනාවෙන් සිටින නිසා මේ මේවා තේරෙන්නේ වී නමුත් නොතේරෙනවා සේ සිටින බවද ගම්මන්පිල පැවැසීය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස